More

    මේ යන විදියට අනාගතේ රට බාරගන්න කෙනෙක් නැති වෙයි – ජනපති නිලධාරීන්ගේ වාහන පෝලිමට රුහුණු කුමාරිත් පරාදයි – පාර්ලිමේන්තුව දෙවනත් වූ තවත් කතාවක්.

    Must read

    වර්තමාන ක්‍රියාකාරීත්වය හමුවේ අනාගතයේ රට බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වේදැයි සැක සහිත බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා. ඔහු පෙන්වා දෙන්නේ කෘෂිකර්මාන්තයෙන් විශාල අස්වැන්නක් ලබාගැනීමට තිබූ අවස්ථාවද හදිසි තීරණ හේතුවෙන් වැලකී ගොස් ඇති බවයි. කෘෂිකර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තයද බිමට සමතලා වී ඇතැයිද ඔහු පැවැසුවා.

    චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවැසුවේ 2022 අයවැය විවාදයට එක්වෙමින්.

    ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ  වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග යැයිද එම නිලධාරීන් කරන නාස්තිය නවත්වීීී වහාම පියවර ගත යුතු බවද පැවැසූ වීරක්කොඩි මහතා යෝජනා කර සිටියේ, එලෙස විනාශ කරන මුදල්  අහිංසක සොල්දාදුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යොමු කරන ලෙසයි.

    ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ වාහන තුනක් පමණක් බවත් එය අගය කරන බවද පැවැසු ඔහු පෙන්වා දුන්නේ, අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් එම වටිනාකම නොදැනෙන තත්ත්වයකට පත්ව ඇති බවයි.

    වාහන ගෙන්වීම සීමා කර තිබියදීත් රටේ ආනයන වියදම වැඩිවී  ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා පැවැසුවේ කිසියම් අඩුවක් පවතින බව එමගින් පැහැදිලි වන බවයි.

    යූරියා පොහොර මිටියක් රුපියල් 10000ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවැසූ චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් අවධාරණය කළේ  කුරුඳුවලට පොහොර නැතුව ජනතාව දුක් විඳිමින් සිටින බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව