More

    “විජය” යළි උපදියි

    Must read

    විජය කුමාරතුංග නාමය ශ්‍රී ලංකාවාසී ජන මනසෙන් කිසිදා බැහැර නොවන සුවිශේෂී චරිතයක්. කලාව තුළින් සමාජයට ලබාදුන් පෝෂණයත්, රට වෙනුවෙන් පුළුල් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සහිත දේශපාලන මැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමත් යන කාරණා ඔහුගේ මතකය සදානුස්මරණය කිරීමට ප්‍රධාන හේතුවයි.

    කුරුරි සමාජ දේශපාලන න්‍යායපත්‍රයන් විසින් මේ සොදුරු මිනිසා ජාතියට අහිමි කළා.

    කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල නව මුහුණුවරකින් හා වර්තමානයට ගැලපෙන ලෙස ගලපමින් ඉදිරියට මෙහෙයවීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ විජයගේ නමද ඇතුලත් වන පරිදි දේශපාලන පක්ෂයක් බිහිකරමින්.

    විජයවාදී මහජන විමුක්ති පෙරමුණ ලෙස එම වැඩපිළිවෙල ආරම්භ වී ඇත්තේ විජයගේ සොහොයුරියක වන රූපා කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසකගේ නායකත්වයෙන්. ඉදිරි සෑම මැතිවරණයකටම සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි අපේක්ෂකයින් ඉදිරිපත් කරමින්, පුළුල් දේශපාලන ක්‍රියාකාරීත්වයකට අවතීර්ණ වීම එම පෙරමුණේ ‌සැලසුමයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව