More

    අපේ කරමතින් ගිය අය අද බඩ පිණුම් ගහනවා – ඔක්කොම පිනුම් කෙටි කලකින් අවසන් වෙන්නත් පුළුවන්.

    Must read

    හෙට වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ ‌ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කරන්නේ කවදාද එදිනට එම තීරණය ගැනීමට පක්ෂය පසුබට නොවන බවයි.

    අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරි හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවා.

    එමෙන්ම ජනාධීපතිවරයාද පසුගිය වසර දෙකක කාලය තුළ අත්හැරුණු, වැරදුනු හා අතපසු වූ දේවල් ගැන අවදානය යොමු කර, සමාලෝචනයක් සිදුකිරීමටත්, ඒ අනුව ඉදිරි වසර තුනක කාලය නිවැරදිව සැලසුම් කිරීමටත් පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කළා.

    “මේක අපි හදපු ආණ්ඩුව. එකෙදි වෙන අසාධාරණකම් තියෙනවා. අපේ කරමතින් ගිහින් ඒ අයට බඩපිණුම් ගහන්න දෙන්න බෑනේ. ඊළඟට ගම්මට්ටමේ ශාඛා සමිති, ඔන්න ඔතන තමයි ඔබතුමන්ලාට කාර්යභාරය. ඒක හදලා තමයි අපිට කියන්න ඕනේ ඔන්න, දැන් අපි හරි වැඩේ හරි දැන් එළියට බහින්න කියලා. එළියට බහින එක ගැන හෙට තීන්දුවක් ගත්තත් අපි කියලා තියෙනවා, මධ්‍යම කාරක සභාවේ හොඳ තක්සේරුවක් කරලා තීන්දුවක් ගන්න. හෙට තීන්දුවක් ගත්තොත් අපි හෙටම මේ තනතුරු සියල්ල දාලා අයින් වෙන්න අපේ කිසිම බාධාවක් නෑ. අපි ඒකට කැමැත්ත දීලා තියෙනවා. දැනටමත් අපි කියලා තියෙන්නේ ඕන වෙලාවක. පක්ෂයක් විදියට ඒ තීන්දුව ගන්නවා.”

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව