More

    තිස්ස කියන උඩු පෙරළිය මොකක්ද ?

    Must read

    සමගි ජන බලවේගයට රජය ‌බාරදෙන්නේ නම්, රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙළක් තම පක්ෂය සතුව පවතින බව තිස්ස අත්තනායක මහතා පවසනවා. මෙරට දේශපාලනය පෙරලිකාරි තත්ත්වයකට පරිවර්තනය වෙමින් ඇතැයිද , ජනතාව විශාල බලාපොරොත්තු රැසක් සමග ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට කළද එමගින් නිසි පල ලැබී නැතැයිද ඔහු පෙන්වා දෙනවා.

    නාවලපිටිය පල්ලේගම ශ්‍රි නන්දනාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර තිබුණා.

    ජනතාවගේ බලාපොරොත්තු බිදිලා තියෙනවා , ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැ. ජිවන වියදම , ගොවි ගැටළු  සහ අනෙකුත් ගැටළු හිතලා ඇති කරපු ඒවා මිස නැතුව කොරෝනා නිසා ඇති වුණ ගැටළු නෙවෙයි. එම නිසා දේශපාලනයේ උඩුයටිකුරු විමක් ළගදිම සිදුවිය හැකි බවද අත්තනායක මහතා මෙහිදී පැවැසුවා.

    මේ අයවැය අපි සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා , මේ අයවැයෙන් ජනතා ප්‍රශ්නවලට හෝ ජාතික ප්‍රශ්නවලට විසදුම් නෑ.

    බදු විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා , බදු වැඩි කරාම මොකක්ද වෙන්නේ කියලා රජය දන්නවා.අයවැයේ කිසිදු අයවැයක් නැ , සුන්දර කතාවක් විතරයි, ඉතිහාසයේ මෙමෙනි දුර්වල අයවැයක් තිබිලා නෑ.

    රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 අඩු වෙලා. මාසයක් ජිවත් වෙන්න බැ අපිට. රටට බඩු ගෙන්න සල්ලි නෑ. රටේ අදායම වැඩි කර ගන්න ඕනි , විදේශ විනියම උපයන්න ඕනි. ජාතික සමගි ජන බලවේගය ඕනැම අවස්තාවක රට භාර ගන්න සුදානම් , අපිට දිර්ඝ කාලින සැලසුම් තිබෙනවා රට ගොඩනැගීමට… යැයිද තිස්ස අත්තනායක මහතා මෙහිදී පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව