More

    තනි තනිව වාහනවල ගමන් කිරීමට තහනමක් ?

    Must read

    කිසියම් හෝ වාහනයක තිදෙනෙකු හෝ හතර දෙනෙකු ගමන් කළ යුතු බවට නීතියක් සම්මත කරන්නැයි රජයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ, එක් වාහනයක තනි පුද්ගලයා බැගින් ගමන් කිරීමේදි විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බවයි.

    එබැවින් වාහන ගමනා ගමනයෙන් උපරිම ප්‍රයෝජන අත්පත් කර ගැනීමට කැපවිය යුතු කාලයක් එළඹ ඇතැයිද ඔහු පෙන්වා දී තිබෙනවා. වසරකට මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් බිලියන 7 ක මුදලක් වැයවනවා. මෙම තත්ත්වය තුළ අත්‍යවශ්‍ය කාරණා සදහා පමණක් වාහන භාවිතා කිරීම ඉන්දන ඉතිරිකර ගැනීමට ඇති එකම විකල්පය බවද මසකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ සොයා ගැනීමට ලෝකයේ රටවල්වලින් ණය ඉල්ලීමට සිදුව ඇති බවද ජයසේකර මහතා පෙන්වා දී ඇති කාරණයයි.

    ආර්ථික වශයෙන් මේ වන විට ශ්‍රී ලංකාව භයානක තත්වයකට අවතීර්ණ වී ඇතැයිද ඉදිරියේදී මෙම තත්ත්වය තවත් දරුණු විය හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව