More

    වැලිගම නගරාධිපතිවරියගේ හොටලයක ෆේස්බුක් සාදයක් – අයිස්, කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය අළෙවි කර ඇති බවත් හෙළිවෙයි.

    Must read

    මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල හෝටලය වැලිගම නගරාධිපතිවරියට අයත් හෝටලයක් බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ.

    කොකේන්, අයිස්, ගංජා සහ කුෂ් වැනි මත්ද්‍රව්‍ය සහිතව මෙම සාදය සංවිධාන කර තිබූ බවත්, එම ෆේස්බුක් සාදයේදී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඒවා අලෙවි කිරීම ද සිදුව ඇති බවත් වැටලීම සිදුකළ පොලිස් කණ්ඩායම් පවසා තිබෙනවා.

    තණමල්විල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අලුත්පටබැඳිගේ චමිල ප්‍රසාද් නොහොත් තණමල්විල ආප්ප සුදා යන අය විසින් මෙම ෆේස්බුක් සාදය සංවිධාන කර ඇති බවද පොලිසිය පැවැසුවා.

    අත්අඩංගුවට ගත් පිරිසගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිසිය පැවැසුවේ.  

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව