More

    සජිත්, හකීම්,රිෂාඩ් කළබල වෙයි – පිල් මාරුවට වැට බැදීමට මෙහෙයුම්.

    Must read

    විපක්ෂය නියෝජනය දේශපාලන පක්ෂ කිහිපයක් අයවැයට සමගාමීව ආණ්ඩුවට සහයෝගය දැක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණ වීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුධීන් යන නියෝජිතයින් මහත් කළබලයට පත්ව සිටිනවා. එවැනි පිල්මාරුවක් සිදුවන්නේ නම්, එය වැලැක්වීමට පියවර ගත යුතු බවයි ඔවුන් අතර පැවැති සාකච්ඡාවලදී ප්‍රකාශ වී තිබෙන්නේ.

    ජනතාවට මෙතරම් පීඩාවක් ගෙනදෙමින් පවතින තත්ත්වයක් තුළ ආණ්ඩුවට සහය ලබාදීම උචිත ක්‍රියාවක් නොවන බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා. ‌එමෙන්ම රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුධීන් යන පක්ෂ නායකයින් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව මේ වන විටත් ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ගේ පක්ෂ දෙක නියොජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුවට සහයෝගය ලබාදී ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගයි මෙම කළබලකාරී තත්ත්වය පැනනැගී තිබෙන්නේ.

    කෙසේ වෙතත්ච්ඡා දේශපාලන ආරංචි පැවැසුවේ අයවැයට සහය ලබාදීම සම්බන්ධයෙන් එකී පක්ෂවල නියෝජිතයින් හා ආණ්ඩුවේ නියෝජිතයින් අතර මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි.

    රවුෆ් හකීම්, රිෂාඩ් බදියුධින් යන අයගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙලෙස ආණ්ඩුව සමග එක්වීමට සාකච්ඡා සිදුවෙමින් පවතින අතර, එම පිල්මාරුව පුද්ගලිකව ආණ්ඩුවට සහය දැක්වීමක් ලෙස ක්‍රියාත්මක කිරීමත් මෙම සාකච්ඡාවල අපේක්ෂාවයි. ඒ අනුව පක්ෂ වශයෙන් එම සහය දැක්වීම සිදුනොවනු ඇති.

    කෙසේ වෙතත් රිෂාඩ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක්නොවන බවද එම පක්ෂවල නියෝජිතයින් පමණක් ආණ්ඩුවට සහය දැක්වීමට සාකච්ඡා සිදුකරන බවද එම ආරංචි පැවැසුවා.

    මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව