More

    පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අල්ලා ගස් බදියි.

    Must read

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අල්ලා ගස් බැදීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ප්‍රදේශවාසීන් විසින් අල්ලා මෙලෙස ගස්බැද ඇත්තේ පානදුර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.

    බීමතින් අශෝභන ලෙස හැසිරීම ඔහු මෙවැනි දඩුවමකට යටත් කිරීමට හේතුවයි. ‍ප‍්‍රදේශවාසීන්ට හිරිහැර වන ලෙස හැසිරීම හේතුවෙන් ඔහු අල්ලා ගසක ගැටගැසූ බවයි ‌ජනතාව පොලිසියට පවසා තිබෙන්නේ.

    පසුව 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් දුරකතන ඇමතුමකට අනුව අදාල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය පැවැසුවේ, ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඉදිරීපත් කිරීමටත්, සිදුකළ ඇති වරද හා එහි ස්වභාවය අනුව අධිකරණය ඉදිරිපත් කිරීමටත් පියවර ගන්නා බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව