More

    කුට්ටිට එරෙහිව සුදර්ශනී….

    Must read

    අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර තිබෙනවා.

    තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින්න් අමාත්‍යවරිය මේ බව සදහන් කර තිබෙනවා.

    වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දැකිය යුතු බවද එවැනි තත්ත්වයන් ප්‍රජාන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවද ඇය අවධාරණය කර තිබෙනවා. මහජන නියෝජිතයින් ලෙස කාන්තාවන් නීති සම්පාදනයට දායක වෙමින් සිටින බවද ඇය කාන්තාවක් වීම හිංසනයට ලක්කිරීම සාධාරණය කළ නොහැකි බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මි්මි පෙන්වා දී ඇති කාරණයයි. මෙවැනි තත්ත්වයන් සමස්ථ සමාජයක පරිහාණියේ ලක්ෂන බවද ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබදව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහිව වාචික හිංසන සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන්නක් බවද ඇය කතානායකවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

    මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යැයි තමන් නොසිතන බවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම තුළින් හදුනාගත හැකි බවද ඇය පෙන්වා දී තිබෙනවා. එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

    කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් දේශපාලන කාර්යයේදී අවමානයට ලක් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය නොකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් අගයන සමාජයක අපේක්ෂාව විය යුතු බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කථානායකවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් දැක්වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව