More

    මම නිවැරදියි – පූජිත් අධිකරණය හමුවේ කියයි.

    Must read

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනාවලට තමා නිවැරදිකරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව අද කැදවා තිබුණා.

    එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා විත්තිකරුට කියවා දෙනු ලැබූ අතර, එම චෝදනාවලට තමා නිවැරදිකරු බවයි එහිදී පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ.

    2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගර් පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු  ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්  හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව චෝදනා 855ක් ඉදිරිපත් කර තිබෙනවා.

    නඩුවේ වැඩිදුර විභාගය හෙට (23) දක්වා කල්තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව