More

    කෘෂි රසායන ‌පුද්ගලික අංශය මගින් ආනයනය කිරීමට ජනපති අවසරය – වී ගොවිතැනට අදාල නොවන බව කෘෂි ඇමැති කියයි.

    Must read

    එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගා කටයුතු සදහා අවශ්‍යතාව පරිදි කෘෂි රසායන පෞද්ගලික අංශය මගින් ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබාදුන්නා. කෙසේ වෙතත් ඔහු අවධාරණය කර ඇත්තේ හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය කිසිසේත්ම අවලංගු නොකරන බවයි. එය රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

    අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි බව ද රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ කැදවා තිබූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ, කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසදුමක් ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

    මේ අතර අයවැය විවාදයේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ, වී ගොවිතැන සඳහා රසායන පොහොර ගෙන්වීමට ජනාධිපතිවරයා සමග අද පැවැති සාකච්ඡාවේදී කිසිදු තීරණයක් නොගත් බවයි. වර්ෂාවෙන් හානිවූ එළවළු වගා වෙනුවෙන් පමණක් යම් පොහොරක් ගෙන්වීමට තීරණය කළ බවද  පැවැසු ඇමැතිවරයා කියා සිටියේ කෘෂිකර්ම ඇමති එකක් කියනවා ලේකම් එකක් කියනවා යැයි  විපක්ෂ නායකවරයා පැවසූවද අප සියලුම දෙනා හිට ගන්නේ ජනපතිගේ ප්‍රතිපත්තිය සමඟ බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව