More

    ග්ලයිපොසෙට් ගෙන්වන්නත් අවසර – කාබනික කෙරුවාව අස්සේ ‌මේ සිදුවෙන්නේ කුමක්දැයි ආන්දෝලනයක්.

    Must read

    ග්ලයිපොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනමද වහාම ක්‍රියාත්මක පරිදි ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් මෙම තහනම ඉවත් කර ඇති අතර, එය යම් ආන්දෝලනයක් ඇති කිරීමටද හේතු වී තිබෙනවා.

    උග්‍ර විෂ සහිත බව අනාවරණ වූ පලිබෝධනාශක වර්ග පහක් තහනම් කරමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයයි මෙලෙස අහෝසි කර තිබෙන්නේ.

    ඒ අනුව, ගල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්, ක්ලොෆයිරිෆොස් යන පළිබෝධනාශක නැවත ආනයනය කිරීමට අවසර ලැබෙනු ඇති.

    කෙසේ වෙතත් පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය 5ක් භාවිතය හා අලෙවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු විමසීමක් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

    කුමන පදනමකින් මෙම තීරණය ගත්තේද යන්න තමන්ද නොදන්නා බවයි ඇමැතිවරයා පවසා තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව