More

    ප්‍රොෆේන් වැඩි කරල – බියුටේන් අඩු කරල – දැන් තියෙන ගෑස් සිලින්ඩර් පුපුරන්න පුළුවන්.

    Must read

    ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විශේෂ අනාවරණයක් කළා. යූ ටියුබ් නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකරමින් ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට වෙළදපොලේ ඇති ගෑස් සිලින්ඩර් නිවසක තබාගැනීම යනු කාල බෝම්බයක් තබාගත්තා හා සමාන කාරණයක් වන බවයි.

    මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිදුවීම් වාර්තා වන්නේද සිදුකර ඇති රසායනික වෙනසේ ප්‍රතිපලයක් ලෙස බව ඔහු පෙන්වා දෙන කාරණයයි. මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කර ඇති බවද එකල තමා විෂයභාර අමාත්‍යවරුන් දෙනාටම මෙහි අනතුරුදායක තත්ත්වය පැහැදිලි කළද ඔවුන් එය ගණනකට හෝ නොගත් බවද තුෂාන් ගුණවර්ධන මහතා එහිදී පැවැසුවා.

    මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුමකට අනුබල දීමක් ලෙස හැදින්විය හැකි බවයි ඔහු අවධාරණය කළේ. ප්‍රොපේන් නැමැති ගෑස් වැඩිකර නිවෙස්තුළ භාවිතයට සුදුසු බියුටේන් ප්‍රමාණය අඩුකිරීම තුළ මෙම භයානක තත්ත්වය ඇති වී තිබෙන බවද තුෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව