More

    ආණ්ඩුව පැන්නීමට සජිත්ගෙන් සැලසුමක් – සියල්ල හෙළි වෙයි.

    Must read

    දැවැන්ත ජන අරගලයකින් අනතුරුව ආණ්ඩුව පන්නා දැමීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා‌ දෙන්නේ ජනතා ජයග්‍රහණ ලබාගැනීමට නිරන්තරයෙන් අරගල කිරීමට සිදුව ඇති බවයි. කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකට පසුව රසායනික පොහොර තහනම හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවී ඇතැයි ද ඔහු පැවැසුවා. සමගි විහිදුම් බලකාය නමින් වූ නව දේශපාලන ක්‍රියාදාමයක ආරම්භක වැඩමුළුවට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවා.

    එහිදී ඔහු කියා සිටියේ රටපුරා දැවැන්ත උද්ඝෝෂණ 300ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. එමගින් ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවීමට පියවර ‌ගන්නා බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

    රටට අගයක් එකතු කිරීම තම ප්‍රතිපත්තිය බවද ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී ක්‍රියාධාමයකට අවතීර්ණ වන බවද ඔහු අවධාරණය කළා. වර්තමානයේ තරුණ පරපුරේ අපේක්ෂා භංග වී ඇතැයිද පැවැසු විපක්ෂ නායකවරයා අවධාරණය කළේ පාස්පෝට් පෝලිම තරුණයින්ගේ අවසන් බලාපොරොත්තුව බවට පත්ව ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව