More

    ජයබාස්කරන් උතුරේ සැමරුමක – අලුත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්.

    Must read

    එල්ටීටීඊ සංවිධානයේ ලාංඡනයක් වන නියගලා මලක් පැළද මියගිය කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සවයකට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු එක්වීම බරපතල සංවාදයක් මතුකිරීමට හේතු වී තිබෙනවා. යාපනය පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතායි එම සැමරුමට සහභාගී වී තිබුණේ. එය ශී‍්‍ර ලංකාවට රාජ්‍යතාන්ති‍්‍රක වශයෙන් එල්ල වූ අභියෝගයක් වන බවද විචාරකයින් මත පලකර තිබෙනවා.

    උතුරේ අයිතීන් වෙනුවෙන් උපවාසයක නිරතව සිටියදී මියගිය ප‍්‍රබල එල්ටීටීඊ සාමාජිකයකු වූ කිට්ටු සැමරීම සදහායී මෙම සැමරුම සංවිධානය කර තිබුණේ. යාපනය නල්ලූර්හි පිහිටි ‘කිට්ටු’ හෙවත් සංගිලියන් උද්‍යානයේදී පසුගිය 20 දා මෙම උත්සවය සංවිධාන කර තිබූ අතර, උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් විසින්මි එය සංවිධාන කර තිබුණා. එහිදී ‘කිට්ටු’ සිහිකරමින් ජනතාව වෙත පැළ බෙදා දීමට පියවර ගෙන තිබූ අතර, සංවිධායකයින් පැවැසුවේ කිට්ටු සදානුස්මරණය කිරිමට එමගින් හැකිවන බවයි.

    එහිදී ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් ඇතුළු ආරාධියන්ට කොටි පුෂ්පය වන නියගලා මල් පැලදවීමටද පියවර ගෙන තිබුණා. නියගලා මලක් පැලැදි මෙරට නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා විසිනුයි එම පැළ බෙදාදීම සිදුකර තිබුණේ.

    ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසියෙකු වන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ මත පලවී ඇති අතර, ඇතැම් වාර්තා පවසන්නේ ඔහු කොන්දේසි විරහිතව උතුරේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට පියවර ගෙන ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව