More

    රසායනික පොහොර ගෙන්වීමට අවසර – තහනම් ගැසට්ටුවත් අවලංගුයි.

    Must read

    රසායනික පොහොර ආනයනය කිරීමට නැවැත අවසර ලබාදීමට රජය අවසර ලබාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණයට එළඹි බවයි. ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවද ඇමැතිවරයා පැවැසුවා.

    නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද ඇමැතිවරයා පැවැසුවා.

    හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් වූ ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවද රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදුන්නද රසායනික පොහොර සහනාධාර සදහා ඇතුලත් නොවන බවද ඔහු පැවැසුවා.

    එමෙන්ම රසායනික පොහොර ගෙන්වීම වලක්වමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවයි කෘෂිකර්ම ඇමැතිවරයා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව