More

    “දෝස්ති” ලංකා මුහුදට

    Must read

    ඉන්දියන් සාගරයේ ඒකාබද්ධ මෙහෙයුම් පුළුල් කිරීම වෙනුවෙන් “දෝස්ති” නමින් ඒකාබද්ධ වෙරලාරක්ෂක අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 20 වනදා මාලදිවයින ආශ්‍රිතව ආරම්භ වූ එය අද නිමාවීමට පත්කිරීමට නියමිතයි.

    ඉන්දියාව ,ශ්‍රී ලංකාව, සහ මාලදිවයින යන රටවල වෙරලාරක්ෂක බලකා ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම මෙහෙයුම සදහා ඉන්දියාවට අයත් අයි.සී.ජී.එස් වජ්රා, අයි.සී.ජී.එස් අපූර්වා, ශ්‍රී ලංකා වෙරලාරක්ෂක බලකායට අයත් එස්.එල්.සී.ජී.එස්. සුරක්ෂා සහ මාලදිවයිනට අයත් යාත්‍රා රැසද මීට සම්බන්ධ වී සිටින බවයි.

    1991 සිට ඉන්දියාව සහ මාලදිවයින එක්ව වාර්ෂිකව පවත්වාගෙන ගිය මෙම වෙරලාරක්ෂක අභ්‍යාසයට ශ්‍රී ලංකාව සම්බන්ධ වූයේ 2012 වසරේ සිටයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව