More

    මහින්දානන්දට එරෙහිව සුමිත් නැගිටියි – යන්නෙම නෑ කියයි – ග්ලයිෆොසේට් ගෙන්වීමට අවසරදීම නීත්‍යානුකූල බවත් කියයි.

    Must read

    කිසිදු වැරදි තීරණයක් ගෙන නොමැති බැවින් තමන් කිසි විටෙක තනතුරින් ඉවත් නොවන බවත්, කෘෂිකර්ම ඇමැතිවරයාගේ නියෝග පිළිනොගන්නා බවත් පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ. සුමිත් මහතා අවධාරණය කළා. ඔහු පෙන්වා දෙන්නේ පලිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේත් කැබිනට් මණ්ඩලයේත් උපදෙස් මත තමන් කටයුතු කර ඇති බවයි.

    ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කරමින් ඒවා නැවැත ආනයනය සදහා ඉඩ ලැබෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා තනි තීරණයක‌ට අනුව ක්‍රියාත්මක වී ඇති බවයි. එබැවින් ඔහු තනතුරින් නෙරපීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවැසුවා.

    කෙසේ වෙතත් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ‌පවසන්නේ තමන් නීති විරෝධී දෙයක් සිදු කර නොමැති බවයි. ඔහු පවසන්නේ ග්ලයිෆොසේට් වල් නාශකය රබර් සහ තේ වගාවන් සඳහා යොදා ගැනීමේ තහනම ඉවත් කිරීමට 2018 වසරේ දී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි.

    එමෙන්ම ප්‍රොපනිල් වල් නාශකය තහනම ඉවත් කිරීමටද නිර්දේශ වී ඇති බවද ඔහු පැවැසුවා. ඒ අනුව තමන් සිදුකළේ කලින් ගත් තීරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවද පැවැසු සුමිත් මහතා පෙන්වා දුන්නේ, ඊට අදාල ගැසට් පත‍්‍රය 2018 වසරේ ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණත් ඊට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබුණේ පසුගිය සතියේදී බවයි.

    එය නීති විරෝධී කටයුත්තක් ලෙස හදුන්වමින් රාජ්‍ය නිලධාරියෙකු වන තමන් තනතුරෙන් පහ කිරීමට කිසිවකුට නොහැකි බවද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව