More

    තොපි සේරම මරනවා … දැනගනින්… ‌හොරෙන් ලයිට් ගත්ත නගරාධිපතිගෙන් තර්ජන.

    Must read

    මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් යන අයගේ පියා සිය නිවසට අනවසරයෙන් විදුලිය ලබාගෙන තිබෙනවා. සිද්ධිය අනාවරණ වීමත් සමග පොලිසිය එම නිවසට පැමිණ තිබුණේ නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීමේ චෝදනා මත නගරාධිපතිවරයාගේ පියා අත්අඩංගුවට ගැනීම සදහායි. කෙසේ වෙතත් නගාරාධිපති ලක්රුවන් මහතාද එම අවස්ථානේ නිවස තුළ රැදී සිටියා.

    ඔහු නිවසින්නී ඉවතට පැන පොලිසියට හා විදුලි බල මණ්ඩල ‌සේවකයින්ට තර්ජනය කළේ, තොපි සේරම මරණවා දැන ගනින් යනුවෙන් තර්ජනය කරමින්. එමෙන්ම නගාරාධීපති වරප්‍රසාධ යටතේ තමන්ට හෝ පවුලේ අයෙකුට මෙලෙස විදුලිය ලබාගැනීම සදහා වරප්‍රසාධ පවතින බවටද ඔහු දැඩිව පැවැසුවා. තම නිවසට විදුලිය ලබා ගැනීම තම වරප්‍රසාදයක් බවද එය අභියෝගයට ලක්කරමින් එහි පැමිණි නිලධාරීන් මරා දමන බවට ද ඔහු තර්ජනය කළා.

    කෙසේ වෙතත් නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාගේ පියා පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව