More

    පාස්කු ප්‍රහාරයේ බුද්ධි වාර්තාවක් ලීක් වෙයි – සහරාන්ගේ විස්තර රැසක් – යහපාලනය ආණ්ඩුවට සියල්ල දැනුම් දී ඇති බවටත් සටහනක්.

    Must read

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට අදාල බව කියන තොරතුරු රැසකින් සමන්විත ලිපියක් මුහුණු පොත ඔස්සේ සංසරණය වීමත් සමග ආන්දොලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් අත්අඩංගුවට ගන්න නිර්දේශ කරමින් යහපාලන රජයට ලබා දුන් වාර්තාවක් බවට ගෙනහැර දක්වමින් මෙම ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැැ තිබෙනවා. අදාල ලිපිය රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මෙලෙස සිය ෆේස්බුක් ගිණුමට ඇතුලත් කර තිබෙනවා.

    “ජාතික තවුහිද් ජමාද් නායකයා විසින් නබිතුමාගේ යුද්ධයේ ඉතිහාසය සහ ජිහාදය සම්බන්ධව සිය අනුගාමිකයන් දැනුවත් කිරීම” යන මාතෘකාව යටතේ මෙම ලිපිය යොමු කර ඇති බවයි දැක්වෙන්නේ. දේශන සිදු කරමින් ෂරියා නීතිය ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීමට අන්‍යාගමිකයන් සමග සටන් කළ යුතු බවට මතයක් සහරාන් විසින් සිය අනුගාමිකයන් තුල පෝෂණය කිරීමට උත්සාහ දරන බවටද එමගින් කරුණු වාර්තාකර තිබෙනවා.

    ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ එම ලිපිය පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව