More

    ඉංජිනේරුවෝ අකුරට වැඩ – විදුලිය කොට උඩ

    Must read

    අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනය කළා.

    ඒ ඉල්ලීම් 6 ක් මුල් කරගනිමින්.

    අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක අවලංගු කිරීම, දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම, විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම, 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම, සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම හා ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම ඔවුන්දු රජයට ඉදිරිපත් කරන ඉල්ලීම් අතරට අයත්.

    උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා පමණක් අද සිට සේවයේ නිරතවෙමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බවද හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී රාජකාරී කාලය තුළ පමණක් මැදිහත් වන බවද ඔවුන් පැවැසුවා.

    ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටින්නේ ඉලීලීම් සඳහා සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් දැනට ආරම්භ කරන පළවෙනි මට්ටමේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය දෙවන මට්ටමක් දක්වා ව්‍යාප්ත කරන බවයි.

    එසේ කළ හොත් බිඳ වැටීම් හා හදිසි තත්ත්වයන්වලින්ද ඉවත් වීමට සිදු වන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව