More

    දැවැන්ත වාග් සංග්‍රාමයක් – මෛත්‍රීගෙන් මහින්දානන්දට ඇඹුල් හට්ටියක් – ගහ ගත්තොත් කොහෙ කොහේ තුවාද සිදුවේදැයි කිව නොහැකි බවටත් අනතුරු අගවයි.

    Must read

    ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් සහිතව ගමන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවද ගහ ගැනීමට ගියොත් කොහෙ කොහේ තුවාල ඇති වෙයිද නොදන්නා බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    වර්තමාන ජනාධිපතිවරයා වියදම් පාලනය කිරීමේ වැඩපිළිවෙල හිටපු ජනාධිපතිවරයා සමග ගලපමින් මහින්දානන්ද අලුත්ගගමගේ ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවැසුවා.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පෙර සභාව ඇමැතූවේ දයාසිරි ජයසේකර මහතායී. ඔහු මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැඩිව විවේචනය කරමින් අදහස් පලකළා. ඔහු පෙන්වා දුන්නේ තම පක්ෂයේ නායකයා විවේචනය කිරීමට අලුත්ගමගේ ඇමැතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැති බවයි.

    කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය අලුත්ගමගේ මහතා පැවැසුවේ තමන්ගේ නායකයා සිදුකරන වැදගත් කාරණා ඇගැයීමටත්, ඒවා ප්‍රකාශයට පත්කිරීමටත් තමන්ට අයිතියක් ඇති බවයි. හිටපු ජනාධිපතිවරයා විවේචනය කිරීම තම අරමුණ නොවූ බවද පැවැසූ අලුත්ගමගේ ඇමැතිවරයා කියා සිටියේ අවශ්‍යනම් මේ සම්බන්ධයෙන් විවාදයකට සූදානම් බවයි.

    එමෙන්ම ගැහුවොත් ගහන්න දෙවරක් නොසිතන බවද ඔහු පැවැසුවා.

    පසුව අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේ තමන් සහ පක්ෂයේ සාමාජිකයින් ගහගන්නා ජාතියේ උදවිය නොවන බවයි. ගහන්නට අවශ්‍ය නම්, ඊට වෙනම ක්‍රමවේද පවතින බවටද ඔහු අවධාරණය කළා.

    තමන් පූර්වාදර්ශ රැසක් ලබාදුන් නායකයෙකු බවද කී සිරිසේන මහතා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරුන්ගේ වියදම් සම්බන්ධයෙන් කතා කරන්නේ නම්, එය බොහෝ දුරයන කාරණයක් වන බවයි. තමන්ට පෙර සිටි ජනාධිපතිවරුන් ගුවන් ගමන් ඇතුළු බොහෝ දේ සදහා වැයකර ඇති වියදම්ද සසදා බලන ලෙසද ඔහු පැවැසුවා.

    එමෙන්ම ගහ ගැනීමට යාම නුවණට හුරු දෙයක් නොවන බවද පැවැසූ මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේ එවැනි තත්ත්වයකින් කොහෙ කොහේ තුවාල සිදුවේදැයි කියන්නට නොහැකි බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව