More

    කසිප්පු… ගං‌ජා මගින් මුදල් උපයා ඩොලර් ප්‍රශ්නයට විසදුම් සොයමු.

    Must read

    විස්කි ලෙස ලෝකයේ මත්පැන් නිෂ්පාදනය වූයේ ශ්‍රී ලංකාවේ කසිස්පු ආදර්ශයට ‌ගැනීමෙන් අනතුරව බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අයවැය විවාදයට එක්වෙමින් පැවැසුවා.

    ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්ප වලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බවටද ඔහු යෝජනා කළා. සාම්ප‍්‍රදායික ක‍්‍රම හරහා රට තවදුරටත් දියුණු කළ නොහැකි බවද දියුණු රටවල ජාතික ප්‍රතිපත්ති දිගුකාලීනව ක්‍රියාත්මක වන බව ද පැවැසූ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පාලකයා පමණක් වසර පහකට වරක් මාරු වන දේශපාලනයෙන් පමණක් රටක් සංවර්ධනය කළ නොහැකි බවයි.

    ශ‍්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩිකර ගැනීම සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට විශාල අවස්ථාවක් ඇතැයි ද පැවසූ ඔහු නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ඇති කළ යුතු බවද සඳහන් කළා. යාපනයේ දූපතක් තෝරාගෙන ලොව පුරා ධනවත් සංචාරකයන් ගෙන්වාගැනීම සඳහා ‘පැරඩයිස් අයිලන්ඩ්’ එකක් නිර්මාණය කිරීමට පියවර ගැනීම ඉතා වැදගත් බවද වරාය නගරය ආකාරයෙන් සාගරය ගොඩකර සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවද ඔහු යෝජනා කළා. එවැන්නක් සිදුකළහොත් එය සාගරයේ ඉදිවන පළමු සත්වෝද්‍යානය ලෙස වාර්තා අතරට එක්වනු ඇතැයිද ඔහු විශෟවාසය පලකළා.

    විදේශ විනිමය වෙනුවෙන් ගංජා වවා අපනයනය කිරීමත්, හැලි අරක්කු කර්මාන්තතයදියුණු කිරීමත්ඉතා සුදුසු බවද ගාමිණී ෆොන්සේකා, අරුන්දික ප්‍රනාන්දු සහ ඩයනා ගමගේ යන අය විසින්ද මේ සම්බන්ධයෙන් කරුණු කාරණා පෙන්වා දී ඇතැයිද උද්දික ප්‍රේමරත්න මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව