More

    අලුත් සන්ධානයක් – නායකත්වය මෛත්‍රීට ?

    Must read

    පොදු සන්ධානයක් බිහිකිරීමට අදාලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර සාකච්ඡා තවදුරටත පුළුල් වෙමින් තිබෙනවා. පක්ෂ අභ්‍යන්තරයට පමණක් සීමා වී තිබූ එම සාකච්ඡා ආසන සංවිධායකවරුන් ඇතුළු දෙවැනි අදියරක් දක්වා ව්‍යාප්ත කොට ඊට අදාල සැලසුම් සකස් කිරීමටයි පක්ෂයේ නායකයින් තීරණය කර තිබෙන්නේ. හිටපු ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයිද පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.

    පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ හා කණ්ඩායම් 40 ක නියෝජිතයින් සහභාගී මේ වන විටත් පොදු සන්ධානයක් ගොඩනැගීමේ යෝජනාවට එකග වී අවසන් බවද ඔහු පැවැසුවා.

    මේ අතර දැනටමත් රජය නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක සාමාජිකයින්ද ශක්තිමත් දේශපාලන ක්‍රියාවලියක් සදහා මුල පුරන වැඩපිළිවෙලක් සමග එක්වීමට කැමැත්ත පලකර තිබෙනවා.

    එමෙන්ම ඉදිරි කාලය තුළ මෙම පොදු සන්ධානයට පාර්ලිමේන්තුව නියෝජනය කරන කණෟඩායම් රැසක් එක්වීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව