පුද්ගලයින් 38 දෙනෙකු එල්ලා මරණ ලෙස ඉන්දීය අධිකරණය අද තීන්දුවක් ලබාදුන්නා. 2008 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සිදු කළ බෝම්බ පිපිරීමකට සම්බන්ධ පුද්ගලයින් පිරිසකට මෙලෙස මරණීය දණ්ඩණය ලබාදෙන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
එම බෝම්බ පිපිරීමෙන් 57 කු ජීවිතක්ෂයට පත්වුණා. ගුජරාට් ප්‍රාන්තය තුළ පැයක් වැනි කාලයක් තුළ බෝම්බ පුපුරුවා හැරීම් 20 ක් සිදුකර මෙම ඝාතන සිදුකර තිබුණා.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් 11 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර ඇතැයිද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.