Friday, April 26, 2024

Top 5 This Week

Related Posts

25 කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙන්නේ මේවිදිහට…

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තේරීම සදහා 25 සිරිකොත එත්සත් ජාතික පක්ෂ මූලස්ථානය සූදානම් කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සුවිශේ්ෂී රැස්වීම අනිද්දා පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර එහිදී 2019 ජනාධිපතිවරණ අපේක්ෂක තෝරා ගැනීම සිදුවේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9/1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කරනු ලබන නාමයෝජනා කමිටුව විසින් ජනාධිපතිවරණ අපේක්ෂක කවුරුන්දැයි කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දිමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කරන නාම යෝජනා මණ්ඩලය පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම්දීම සම්ප‍්‍රදාය ලෙස පවතී.

නාම යෝජනා මණ්ඩලය විසින් නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් කළ යුතු වේ.

ඡන්ද විමසීමටද හැකි වන ආකාරයට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීම සඳහා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය මේ වනවිට සූදානම් කර පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles