Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

හදිසි මැතිවරණයක් ?

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසීමට තීරණය වී තිබෙනවා. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අදාල මතය කඩිනමින් දැනුම් දෙන ලෙසයි එම කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන්නේ.   

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  රැස්වූ අවස්ථාවේ එහි නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ, පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද වීම එතරමි සුදුසු නොවන බවයි. එබැවින් කඩිනම් ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ විය යුතු බව ඔවුන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles