fbpx
More

    දේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවට.

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් කැඳවා ඇතැයි එහි ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යුත් මෙම කමිටුව අද පස්වරු 2ට පාර්ලිමේන්තුවේ දී රැස් වේ.

    මේ වනවිට ආරාධනා කර ඇති පක්ෂ අතුරෙන් ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, තෙමල සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ සහ සමත්තුවකච්චි පක්ෂය තම සහභාගිත්වය ස්ථීර කර ඇතැයි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
    මෙතෙක් තම සහභාගීත්වය තහවුරු කර නොමැති පක්ෂ වන්නේ මවුබිම ජනතා පක්ෂය සහ එක්සත් සාම සන්ධානයයි.

      දේශීය වෛද්‍ය ඇමැති සම්බාහන මධ්‍යස්ථාන ගැන කියයි…

    පසුගිය 14 වැනිදා තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය සිය යෝජනා ඉදිරිපත් කළේය.
    මැතිවරණ සහ මැතිවරණ ව්‍යුහයේ නීති රීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ දීය.මෙම කමිටුව පළමු වරට රැස්වූයේ ඉකුත් මැයි මස 17 වැනිදාය.

    සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්,පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජනාධිපති නීතිඥ අලි සබ්රි,රාජ්‍ය ඇමැතිවරුන් වන ජීවන් තොන්ඩමන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන්, එම් ඒ සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු කටයුතු කරති.

      ජනපති හදිසියේම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ලේකම් කාර්යාලයට කැඳවයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව