fbpx
More

    මහාචාර්ය සුදන්ත ලි‍යනගේ විද්වත් කමිටුවේ සභාපති ධුරයට.

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ සභාපති ධුරයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතා පත් කළ බව එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක, විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසීය.

    එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන් පත් කොට තිබේ.

    සභාපති දිනේෂ් ගුනවර්ධන මහතා ඉහත නම් ප්‍රකාශ කරනු ලැබුවේ පැවති කාරක සභා රැස්වීමේදීය.

    මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් සහ මහජනතාව සහ සිවිල් සංවිධාන 155ක් වෙතින් යෝජනා ඉදිරිපත් වී ඇතැයි මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

    මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව, යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් විය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව