පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාලව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යොමුකරන ලද වාර්තාව අතුරුදන්වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. මැතිවරණය පැවැත්වීමට අදාලව නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපතිවරයා වෙත දැනුම් දුන් අතර, ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ, අදාල වාර්තාව නොමැතිව සිය මතය ප්‍රකාශ කළ නොහැකි බවයි.
අදාල වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද තොරතුරු විමසා ඇති බවත්, එහදී එවැනි වාර්තාවක් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.