පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිබීම මීට හේතුවයි.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසූයේ දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම හදිසි හා අත්‍යාවශ්‍ය කටයුත්තක් වුවද නීතිමය තත්ත්වය ඊට බාධාවක් වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබද සාකච්ඡා සිදුකරමින් සිටින බවද ඔහු පැවැසුවා.