fbpx
More

    පළාත් මැතිවරණය පැරණි ක්‍රමයට – වියදම ‌මිලියන 4000 පන්නයි.

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    නීති සංශෝධනය කර පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයේ තීරණය වී තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේද එවැනි නීති සංශෝධනයකින් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය හැකි බවයි.

    නව ක්‍රමවේදයට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වන බවත්, ඒ සදහා සීමා නිර්ණය ඇතුළු ක්‍රියාමාර්ග රැසක් වෙත අවතීර්ණ වීමටත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම ඇතුළු කාර්යාවලි ගණනාවක් පවතින බවත් මැතිවරණ කොමිෂම පෙන්වා දී තිබෙනවා. එබැවින් මැතිවරණය කඩිනම් කිරීමට ඇති එකම විකල්පය පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමයි.

    පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් මිලියන 4000 ට වැඩි මුදලක් වැය කිරීමටද සිදුවන අතර, මැතිවරණ කොමිෂම පෙන්වා දී ඇත්තේ කොරෝනා තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මැතිවරණය පැවැත්වීමට සිදුවන බැවින්, එම වියදම තවත් වැඩි විය හැකි බවයි.

      33,000 ට ගුරු පත්වීම් - රජයෙන් අලුත්ම නිවේදනයක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව