fbpx
More

    මැතිවරණයක් ?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාල මූලික කටයුතු ආරම්භ කළ බව මැතිවරණ කොමිෂම පවසනවා. ඊට අදාල ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස සියලුම දිස්ත්‍රික්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම්දීමටයි මේ වන විට පියවර ගෙන තිබෙන්නේ. ඊට අදාල විශේෂ සාකච්ඡාවක්ද මැතිවරණ කොමිෂමේදී පැවැත්වුණා.  

    පලාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20 වනදායින් අවසන් වීමට නියමිතයි. පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව කිසියම් පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන්වීමට මාස 06 කට පෙර එම ඡන්ද විමසීම පැවැත්වීමටද හැකියාව තිබෙනවා. 

    එමෙම කිසියම් පළාත් පාලන ආයතනයක හෝ සියළුම ආයතනවල නිල කාලය කෙටි කිරීමට හෝ දීර්ඝ කිරීමට පළාත් පාලන විෂයභාර ඇමැතිවරයාට බලය පැවැරී තිබෙනවා. ඒ අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ නොකළහොත් නියමිත පරිදි ඡන්දය පැවැත්වීම සඳහා පියවර ගැනීම මැතිවරණ කොමිෂමේ සැලසුමයි.

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    ඊ‌ට අදාලව නිලධාරී හා වාහන සංගණන කටයුතු, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කොට ඒවායේ අඩුපාඩු හඳුනා ගැනීම, අවශ්‍ය ආකෘති හා පත්‍රිකා සකස් කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වැනි කටයුතු කඩිනම් කරන ලෙස අදාල අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි මැතිවරණ කොමිෂම පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව