සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අමාත්‍ය ධූරයෙන් නෙරපීමත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ අලුත් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ආණ්ඩුවේ නියෝජිතයින් රැසක් මේ වන විටත් දුරකථනය ඔස්සේ ප්‍රේම්ජයන්ත් මහතාට කතා කර ඇති බවත්, සාකච්ඡා කිහිපයක් සිදුව ඇති බවත් එම ආරංචි පැවැසුවා.
එමෙන්ම ඉදිරි පැය කිහිපය තුළ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කිරීමට සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සූදානමින් සිටින බවටත්, එම මාධ්‍ය හමුවට ආණ්ඩුවේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචි පැවැසුවා.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙම මාධ්‍ය හමුවේදී රජයට එරෙහිව කරුණු දැක්වීමට නියමිතව ඇතැයිද ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහු දේශපාලන වශයෙන් බරපතල තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බවත් එම ආරංචි වැඩිදුරටත් අනාවරණ කළා.
එමෙන්ම විජයදාස රාජපක්ෂ මහතාද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට සහය පලකිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
මේ අතර සිය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශයක්ද සිදුකර තිබුණා.
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි.මම ඇමතිවරයෙක් වුණේ 2000 අවුරුද්දේදී ජනාධිපතිවරු තුන්දෙනෙකු යටතේ මම වැඩකරලා තියෙනවා.මට වෘත්තියක් තියෙනවා. ඒක තමයි නීතිඥ වෘත්තිය. මම හෙට ඉඳලා එකේ එම වෘත්තියේ කටයුතුවල යෙදෙනවා.