අධ්‍යාපන හා උසස් උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ” හූ” තබා විරෝධතා පළ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මන්ඩපයේ ඉදිකර ඇති ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම ගොඩනැගිල්ල තවමත් වැඩ අවසන්ක නොමැති බවද දේශපාලන අවශ්‍යතා මත එවැනි ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවද සිසුන් පවසා ඇති බවයි.
සිසුන්ගේ විරෝධතාවය එල්ල වීමත් සමඟ අමාත්‍යවරයා ආපසු හැරී විවෘත කිරීමද සිදුනොකරම ඉන් ඉවත්ව ගොස් ඇති බවයි එම ආරංචි වැඩිදුරටත් පවසන්නේ.