Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

රජයේ සේවකයින්ට තවත් ලොකු වාසියක්.

රාජ්‍ය සේවකයින් විසින් ලබාගෙන තිබෙන බැංකු ණය සදහා අයකරනු ලබන පොලී ප්‍රතිශත ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. වෘත්තීය සමිති නියෝජිතයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකදීයී මේ කෙරෙහි අවධානය යොමුකර තිබෙන්නේ.

සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවැසුවේ ඊයේ මෙම සාකච්ඡාව සිදුවූ බවයි. බැංකු ණය මත පදනම්ව පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් වඩාත් පීඩාවට පත්ව සිටින බව තමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ‌ලේකම්වරයා වෙත දැනුම්දුන් බවද ඔහු පැවැසුවා.

එහිදී ‌රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කර ඇත්තේ, රජයේ නිලධාරීන්ට මුහුණ දීමට සිදුව ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ණය පොලිය සම්බන්ධයෙන් යම් විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවට ලේකම්වරයා පොරොන්දු වූ බවයි සූරියආරච්චි මහතා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles