වසර ගණනක් එකදිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණදීමේ පීඩාකාරී මානසික වදයෙන් දරුවන් නිදහස් කිරීමට පියවර ගැනීම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් අත්‍යාවශ බවද එමගින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බවද ඇමැතිවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම විශ්වවිද්‍යාල විශ්ව දැනුම ලැබිය හැකි ස්ථානයක් නව්‍යකරණය කිරීමටද කාලය පැමිණ ඇති බව පැවැසූ අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ, පෙර පාසලේ සිට පාසල් පන්ති කාමරය හරහා මෙම පරිවර්තනීය වෙනස සිදුවිය යුතු බවයි. පෙර පාසලේදීත් කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණයට ලැබෙන අවකාශය පුළුල් වන තරමට, පන්ති කාමරයේදී ප්‍රශ්න විමසමින් දැනුම් මූලාශ්‍ර හඹා යමින් ගවේෂණාත්මක නිදහස් අධ්‍යාපනයක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමිවිය යුතු බව ඔහු පෙන්වා දී ඇති කාරණයයි.
වාර්ෂික, ජාතික, ගණිත සරසනිය තරගයෙන් ජයගත් සිසුසිසුවියන් සදහා ත්‍යාග සහ සම්මාන ලබාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.