fbpx
More

    වනිදුගේ අපේක්ෂාව…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    පන්දුවාර විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම සදහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින වනිදු හසරංග මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා.

    ඔහු එහිදී සිය අපේක්ෂාවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබුණේ මෙලෙසයි.

    “ඔව් ඇත්තටම මම බැට් කරන්න යන වෙලාවේ මට පොඩි ඕවර්ස් ගානයි තියෙන්නේ ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ වෙලාවේ කණ්ඩායමට මොකක්ද වෙන්න ඕනේ ඒක කරන්න. මගේ ටාගට් එකක් තියෙනවා ලෝකයේම අංක එක වෙන්න තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන්. ඉතින් මම ළඟට ඇවිල්ලා තියෙනවා. මම එක කරන්න නම් අනිවාර්යයෙන් බැට් කරලා ලකුණු ගන්නත් ඕන. විකට් ගන්නත් ඕන. අනිවාර්යයෙන් මම ඒ දෙකම ෆෝකස් කරනවා ප්‍රැක්ටිස්වළදී.. “

    “මම හිතන්නේ විස්සයි විස්ස තරග ක්‍රීඩා කරනකොට කිසි තරගයක් ලේසියට ගන්න බෑ අපිට. ඇත්තටම අපිට සුදුසුකම් ලබාගැනීමේ තරග තුනක් තියෙනවා ක්‍රීඩා කරලා එන්න. ඒ තරග 3 අපිට ගොඩක් වටිනවා අනිත් තරගවලට එනකොට. ටීම් එකක් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ හැම තරගයක්ම හොඳින් ක්‍රීඩා කරන්න. අපි නැමීබියාව එක්ක ගිය අවුරුද්දෙත් සෙල්ලම් කරලා ජයග්‍රහණය කළා. ලේසියට ගනනවා නෙවෙයි හැබැයි අපි කණ්ඩායමක් විදියට මේ තරගාවලියට හොඳින් සූදානම් වෙලා ඉන්නවා.”

      කම්කරු නීතිය කඩිනමින් වෙනස් කරයි...

    “මෙල්බර්න්වල ක්‍රීඩා කරනවා කියන්නේ ගොඩාක්ම ලංකාවේ ප්‍රේක්ෂකයන් ඉන්නවා, අපි ලංකාවේ තරගයක් ක්‍රීඩා කරනවා හා සමානයි අපි මෙල්බර්න් තරගයක් ක්‍රීඩා කරනවා කියන්නේ. ඉතින් එක අපිට ගොඩාක් වටිනවා. මේ තරග තුන පටන්ගන්නකොටම මෙල්බර්න්වල ක්‍රීඩා කරන එක.”

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව