20-20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ වටයේ මීලග තරග දෙක ජයගනිමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
නැමීබියාව හා පැවති තරගය පරාජය වීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කළා.
“ලෝක කුසලානයක් කියන්නේ අනිවාර්යෙන්ම චැලෙන්ජ් එක වැඩියි. කන්ඩිෂන්ස් වෙනස්. ඉතිං මං හිතනවා අපිට කන්ඩිෂන්ස්වලට හරියන ක්‍රීඩකයෝ ඉන්නවා. එකම දේ අපි ඒ දවසේ හරියට පර්ෆෝම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ තරග දෙක ජයග්‍රහණය කරලා ඉස්සරහට ගිහිල්ලා හොඳට තරගාවලිය ක්‍රීඩා කරලා රට ජයග්‍රහණය කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ“