ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (29) පැවැත්වෙන තරගය ජයග්‍රහණය නොකළොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යාම ගැටළුවක් බවට පත්වනවා. මෙම අවධානමෙන් මිදීම සදහා හෙට තරගයට වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් කර තිබෙන්නේ.
එබැවින් දඟ පන්දු යවන්නන් ගැන කතාකිරීම වෙනුවට, හෙට පැවැත්වෙන තරගය ජයගත හැකි වෙනත් ආකාරයක් ගැන අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා.
සිඩ්නි ක්‍රීඩාංගණයේදී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු ඇති අතර, එදා සිටම ශ්‍රී ලංකා පිලට වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙසද සිඩ්නි පිටිය හැදින්විය හැකියි.
“කණ්ඩායමේ හැම දෙනෙක්ම ලොකු හැඟීමකින් සිටින බවද හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව අවසන් පූර්ව තරගයට යාම බවද තේරීම් කමිටු නිලධාරියෙකු පැවැසුවා.
සිදුකරන වෙනස්කම් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති වුවද ඇතැම් විට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට හෙට තරගය විවෘත විය හැකි බවටයි වාර්තා පළවන්නේ.