fbpx
More

    2023 ලෝක කුසලානය – ලංකාවට බරපතල අභියෝගයක්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇතත්, නියමිත 08 දෙනා අතරට එක්වීම තවදුරටත් අභියෝගයක් බවට පත්ව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව 09 වන ස්ථානයේ රැදී සිටීම ඊට හේතුවයි.

    ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පසුගියදා (31) පැවති තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනීමත් සමඟ තවත් ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 77 ක්.

    කෙසේ වෙතත් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමට නම්, කණ්ඩායම් 08 අතරට තේරී පත්විමට සිදුවනවා. ඒ සදහා තවත් ඇත්තේ තරග 03 ක් පමණයි. සුපිරි 08 දෙනා සදහා තේරී පත්වීමට නම් අනිවාර්යෙන්ම ඉදිරියේදී පැවැත්වෙන නවසීලන්තයට එරෙහි තරගාවලියේ තරග 03 ම ජයගත යුතු වන අතර, එය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පවතින අභියෝගයයි.

      IMF පළමු වාරිකය හිමිවෙයි - තවත් ඩොලර් බි. 07 ක දැවැන්ත ණයක් ගැනීමට රජය සැරසෙයි...

    මේ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම 07 ස්ථානට පිවිස සිටින්නේ ප්‍රසාද ලකුණු 115 ක් හිමිකර ගනිමින්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව