දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන 13 වැනිදා සිට 22 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ මාර්ගගත ක්‍රමයටයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ අයදුම්පත් ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා. එමෙන්ම ඒ සඳහා ලියාපදිංචිය ලබාදීමද සිදුවන්‌නේ ඉහත වෙබ් අඩිවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයටයි.
අවුරුදු 18-39 ත් අතර පුද්ගලයින්ට මේ සදහා අයදුම් කළ හැකියි. විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් සෙන්ටිමීටර 3.5 – 4.5 ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුයි.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා වන භාෂා ප්‍රවීණතා විභාගය ලබන සැප්තැම්බර් 1 වැනි සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.