සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ඇති බව නාසා ආයතනය පවසනවා. එම කොටස ටොනේඩෝවක් ලෙස උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වී ඇති බවයි නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිරීක්ෂණය වී තිබෙන්නේ.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම අඛණ්ඩ පරීක්ෂණ ක්‍රියාවලියක් වෙත අවතීර්ණ විය යුතු තත්ත්වයක් වන බවයි. සූර්යයාගෙන් ගිනි දැල් විමෝචනය වීම සාමාන්‍ය සිදුවීමක්. එසේ වුවද නිරීෂණය වී ඇති සිදුවීම එදා මෙදාතුර සිදුවූ තත්ත්වයක් නොවන බවයි නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
මෙය විමතිය දනවන කාරණයක් බවද නාසා විද්‍යාඥයින් පවසනවා. ඊට හේතුව වී ඇත්තේ, ගිනි දැල් අසාමාන්‍ය ලෙස විමෝචනය වීමයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණ හා නිරීක්ෂණ ක්‍රියාවලියක් වෙත අවතීරණ වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බව නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන කාරණයයි.