එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට වූ වාර්තාවක් පළවීමත් සමග ලොව පුරා රාජ්‍යයන්වල අවධානය ඒ කෙරෙහි යොමුවී තිබෙනවා. මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී.නෙදුමාරන් යන අය විසින්. ඔහු තමිල්නාඩුවේදී මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් සහිතව ඉදිරියට පැමිණීමට ප්‍රභාකරන් සූදානමින් සිටින බවයි.