ඉතාමත් උපක්‍රමශීලීව රජය සේවක කප්පාදුව ආරම්භ කර තිබෙන බව වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කරමින් මෙම කප්පාදුව සිදුකිරීම රජයේ අපේක්ෂාවයි.
ඊට අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.