fbpx
More

    මවක් දරුවන් සමගම ළිදකට පනියි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනාද සමග නිවස අසළ ළිදට පැන තිබෙනවා. කැබිතිගොල්ලැව පොලිසිය පැවැසුවේ මෙම සිදුවීමෙන් එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි. බරපතල තත්ත්වයේ පසුවන මව සමග අනෙක් දරුවා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වව්නියාව රෝහලට මාරු කර යවා තිබෙනවා.

    රෝහල්ගත කර ඇති දරුවාගේ වයස අවුරුදු 09 ක්. සිද්ධියෙන් මියගොස් ඇති දරුවාගේ වයස අවුරුදු විසිඑකක් වන අතර, ඔහු පූර්ණ ආබාධිත සහිත අයකු බවද පොලිසිය පැවැසුවා. රෝහල්ගත කර ඇති දරුවාද ආබාධ සහිත තත්ත්වයේ පසුවනනවා.

    ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කර ගැනීමට මුදල් නොමැතිකම දරාගත නොහැකිව අදාළ මව මෙලෙස දරුවන් සමග ළිදට පැන ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ.

      IMF පළමු වාරිකය හිමිවෙයි - තවත් ඩොලර් බි. 07 ක දැවැන්ත ණයක් ගැනීමට රජය සැරසෙයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව