fbpx
More

    ‘කුණුහරුපාචාර්ය’ – සුසිල්ට නම්බු නාමයක්…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසුවා. ඒ අද පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදීයී.

    එමෙන්ම සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමැතිවරයා පැවැසුවේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරමින් තමන් එම ප්‍රකාශය සිදුනොකළ බවයි.

    මෙහිදී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියද මෙලෙස අදහස් පලකළා.

    අද මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන්න හිටියා. අද ඒක අයින් කරලා. මෙතුමා ප්‍රකාශයක් කරන්න හිටපු නිසා තමයි මේක අයින් කළේ. මම දැන් අහන්නේ මෙච්චරයි. සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්‍ය සුසිල් ප්‍රේම ජයන්ත කියන මනුස්සයා කරපු කතාව කතානායකතුමා මේ සභාව පිළිගන්නවද. ඒක හැන්සාඩ් වාර්තා ඉවත් කරනවද. එවැනි වචන පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද. මොකද හෙට කාන්තා දිනය. ඔබතුමාලා ඒ කාන්තා දින සමරන්න යනවා. කාන්තාවක් කතා කරනකොට ස්ත්‍රී නිමිත්තක් ඇදලා මලද මල්ද කියනවා. මෙතුමා ආචාර්ය උපාධිය කළේ ඒ නිමිත්ත ගැනද දන්නෙ නෑ.

      IMF පළමු වාරිකය හිමිවෙයි - තවත් ඩොලර් බි. 07 ක දැවැන්ත ණයක් ගැනීමට රජය සැරසෙයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව