fbpx
More

    ජනපතිගෙන් කාන්තාවන්ට ලොකු තෑග්ගක්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු පනතක් මගින් එය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවැසුවා.

    එම නිවේදනය පහතින්,

    රට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝග හමුවේ වුවද කාන්තාවන්ගේ අභිමානය, ගෞරවය හා ශක්තිය පිළිබිඹු වන අයුරින් “ඇය දැයේ අභිමානයයි” තේමාව යටතේ මෙවර කාන්තා දිනය සැමරීමට කටයුතු කිරීම පිළිබඳ මම ඉතාමත් සතුටු වෙමි.

    ශ්‍රී ලාංකීය ජනගහනයෙන් හරි අඩකටත් වැඩි ප්‍රතිශතයක් වන කාන්තා නියෝජනය, ලොව සංවර්ධිත රටවල සමාජ සංවර්ධන දර්ශක අතරට පැමිණ සිටීම සතුටට කරුණකි. සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී වේ.

      IMF පළමු වාරිකය හිමිවෙයි - තවත් ඩොලර් බි. 07 ක දැවැන්ත ණයක් ගැනීමට රජය සැරසෙයි...

    ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව මාගේ යටතට පවරා ගත්තේ ද ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව බව සිහිපත් කළ යුතුය.

    කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට අප රජය තවදුරටත් කැප වී සිටින අතර පාර්ලිමේන්තුවේ පමණක් නොව, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.

    එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇත. එතෙකින් නොනැවතී ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන අතර ඔම්බුඩ්ස්වුමන් වරියක මෙන්ම වැවිලි හා ඇඟලුම් ආදි ක්ෂේත්‍රයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තාවන් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීමේ සැලසුම් මේ වන විටත් රජය ක්‍රියාවට නංවා තිබෙන අතර නූතන ලෝකයේ ස්ත්‍රියගේ භූමිකාව මැනවින් අවබෝධ කර ගනිමින්, ඒ හා සමතැන් ගත හැකි දිරිය කාන්තා පරපුරක් රට තුළ ගොඩනැංවිම මෙම සියලු කාර්යයන්හි අරමුණයි.

    රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට සහ “2048 දියුණු රටක්” නිර්මාණය කිරීමට රජය ගෙන යන නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මෙරට සමස්ත කාන්තා පරපුරේ සහයෝගය අපේක්ෂා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව