පාන් ගෙඩියක මිල අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 න් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවැසුවේ රුපියල් 140 ක් 150 ක් වැනි මිලක් දක්වා පාන් මිල අඩු වනු ඇති බවයි.
සෙසු බේකරි නිෂ්පාදන මිලද පහත දැමීමට සාකච්ඡා කරමින් සිටින බවයි එම සංගමය පවසන්නේ.