සතොස ආයතන භාණ්ඩ 07 ක මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රු.75 න් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 1500 ක්.
පාන්පිටි කිලෝව රු. 230 ට අළෙවිකරන්නේ රු.15 ක මිල අඩුකිරීමක් සහිතවයි.
පරිප්පු කිලෝවක මිල රු. 11 න් අඩු කර ඇති අතර, නව මිල රු. 218 ක්.
රතු කැකුළු කිලෝවක් 09 ක අඩුවීමක් සහිතව රු.155 ට මිලදී ගත හැකියි. නාඩු කිලෝවක මිල රු. 7 න් අඩුකර තිබෙනවා. නාඩු කිලෝවක නව මිල වන්නේ රු. 188 ක්.
මේ අතර ලොකුළූණු කිලෝවක මිල රුපියල් 6 න් අඩුකර ඇති අතර නව මිල රු.129 ක්.